Monday, April 27, 2009

ලංකාවේ වකුගඩු රෝගය

සාමාන්‍යයෙන් 2003 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ සෞඛ්‍ය ගැටලුවක් ලෙස වකුගඩු රෝගය පවතී. මා උත්සාහ කරන්නේ ඒ ගැන වාර්තාවක් ලිවීමට නොවේ.

රජරට ගොවීන් මරණය දකිමින් සිටිති. හේතු 7ක් ඉදිරිපත් කලද රෝගය සදහා නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. මෙය පරීක්ෂා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිදානයෙන්ද පිරිසක් පැමින ගියහ.

නමුත් රෝගය ඇත. මූලිකවම රෝගය ඇති වන්නේ ජලය නිසා බව පැහැදිලි වී ඇත. නමුත් කිසිදු සංවිදානයක් හෝ ආණුඩුව පිරිසිදු ජලය ගැන නොසිතති. ඒ වෙනුවට අනුරාධපුරයේ නුවර සහ කොළඹ වකුගඩු මධ්‍යස්තාන සකස් කර බෙහෙත් දෙන්නට ලෑස්ති වෙති.

බහුතරයක් දුප්පත් ගොවීන් මේ උවදුරට ගොදුරැ වෙති. මෙහි ඉතා ඛේදජනක තත්වයක් ඇත. එනම් රෝගය වැළදී උත්සන්න වූ විට රෝගියා තමා නිසැකයෙන්ම මිය යන බව දැනැගැනීමයි.

මේ දුප්පතුන් මෙයට පිලියමක් සොයාගෙන තිබේ. එනම් රෝග පරීක්ෂාව නොකරගැනීමයි. මෙය ද රජයේම වාගේ රාජ්‍ය නොවන සංවිධාන වල වගේ පිලිතුරකි.

නිකං මැරී ගියාට කමක් නැත. මෙය දැනැගැනීම කරදර යැයි ඔවුහ් සිතති. ලංක‍ාවට බත සපයන උන්ගේ ජීවිත ගැන ඔවුන් හා රජය හිතන ආකාරයෙහි සැබෑව මෙයයි.

එක් රෝගියෙක් පකාශ කර සිටියේ තමා මාස කිහිපයකින් මිය යන නිසා මිය යන තෙක් මේ ගැන සමාජයට කියාසිටින්නට තමන් එකග වන බවය. නමුත් අප හට මෙය සංවිදානය ිරීමේ කාලයක් නොවීය.

ගැටළුව එසේම ඇත. ඉතා සංක්ෂිප්තව හා තැන් තැන් වලින් අහුලා හෝ මේ ගැන ලියා සිටියේ උනන්දුව ඇති අයට මැදිහත් විය හැකි වාතාවරනයක් සකස් කිරීම වෙනුවෙනි.

1 comment:

  1. මල් මිටක් පුදදෙන්නට මට අවසර

    ඔබේ අප රටට පිළිබද විග‍්‍රහයට මම මුලින්ම එකඟ වේමි. ඔබේ විග‍්‍රහය කියවාගෙන යනවිට මගේ හදගැස්ම වඩා වේගයෙන් ක‍්‍රියාත්මක වේමින් පවති. අහිංසක ගොවිජනතාව ,තරුණ පරපුර මෙන්ම අපේ රටේ හඩක් නැගිමට නොහැකි ජනතාවගේ ඉරණම මෙය වේ. මේ රට පුදුම කාලකන්නි රටකි. පවතින සියලූ ආගම් සමාජය යහපත් කිරිමට මැදිහත් නොවේ.ඔබ එය සෘජුව ප‍්‍රකාශ නොකිරිම පිළිබද මම කනගාටු වේමි.

    මරණයට වටිනාකමක් නැත අප ජිවත්වෙන්නේ ගෝත‍්‍ර‍්‍ර‍්‍රික සමාජයකය. තාරුණ්‍යය බලාපොරොත්තුව ඉක්මන් මරණයයි. බහුතර තාරුණය ඉපදුනාට සාපකරයි.

    අපි පතන වෙනසට ජනතාව සුදානම් ? මගේ දැනුමේ තරමට ජනතාව සුදානම් නැත. ඔබට මේ පිළිබද වෙනත් අදහසක් තිබිය හැක මම එයට ගරු කරමි. නමුත් මගේ තර්කය පසු ගිය මැතිවරණ ප‍්‍රතිපල අනුව මනාප ලයිස්තුවේ 1සහ 2ට මනාප ලබාගන්නේ කවුරුන්ද?

    වෙනසක් වෙනුවෙන් පෙනි සිටින අය වෙනුනේ

    මේ වෙනස වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයින් තමන්ට ප‍්‍රශ්නයක් වු විට හැසිරන ආකාරය පුදුම සහගතය. ඒ සම්බන්ධව පෞද්ගලික අත් දැකිමක් නුදුරු දිනයකදි අත් දැකිමට ලැබුනි. විටක මට සිතේ මමද මේ බොරුව වෙනුවෙන් පෙනි සිටිනවා ද යන්න සිතේ.නමුත් මගේ සිමාවේ සැබෑ ලෙස වෙනසක් වෙනුවෙන් පෙනි සිටන එක් අයෙකු හෝ දෙදෙනෙක් සිටිති. ඒ වෙනුවෙන් කටයුතු කිරිම හැර වෙන සතුටක් නැත. අප සියලූ දෙනාම අඩු වැඞ් වශයෙන් බොරු කරති.

    අප බොහෝ දෙනෙක් මතවාදය සහ භාවිතය අතර විශාල වෙනසක් පවති. ඔවුන් බොහෝ දෙනා සමාජය ඉදිරියේ සුද්දවන්තයන් විමට පුදුමාකාර ලෙස වෙහෙසේ ඔවුන් සමාජයට භය බියගුල්ලෝය.

    වෙනස ජිවිකාව නොකර ගනිමු.

    සම්පත් දිසානායක

    ReplyDelete