Monday, April 27, 2009

ලංකාවේ තරුණයෙක් සිටීද?


ලංකාවේ තරැණයා 100%ක්ම වෙළදපල බාණ්ඩයක් බවට පත්ව ඇත. කිසිදාක තරුණ විදියට නොසිතන හැමදා ලපටි සිත්වලින් පසුවන්නකි ලංකාවේ තරැණයා. තරැණයින් යනු ඊ ළග පරම්පරාව ගොඩනගන්නන්ය. ලංකාවේ නිදහසින් පසු තරුණ පරම්පර කිහිපයක් බිහිව ඇත. තරැණ පරම්පරාවක වයස සාමාන්‍යයෙන් වසර 20ක් යැයි සැලකීමේදී කවුරැන් හෝ විසින් ලංකාවට අදාල ඊ ළග පරම්පරාවේ නව්‍යතාවය බිහිකර ඇත්ද යන්න සොයා බැලිය යුතු වේ.

එයට අදාල සාදනීය නිෂේධනීය උත්සාහයන් ගෙන ඇති බව පැහැදිලිය. නමුත් 90 දශකයෙන් පසු තරුණයා යනු නිකමෙකි. ඔහු සාකල්‍යයෙන්ම වෙළදපල විසින් ගොඩනගන ලද සීනිබෝල බබෙකි. ජීවිතය ගැන අදහසක් නැති රූකඩයෙකි. ඔවුන් කිසියවක් තම පරම්පරාව අලුත් කිරීමට කිසිවක් කරන ලද්දේ නැත. කලා නම් සිදු කරන ලද එකම දෙය වන්නේ බටහිර යුරෝපයෙන් හා ඇමරිකාවෙන් ආනයනය කරන ලද මෘදුකාංග හා දෘඩාංග භාවිතා කරන ලද එක පමනි.

පැරනි පරම්පරාව සමග හැප්පීමට ඔවුන් විසින් මේ රට තුල නිර්මානය කලේ කුමක්ද? කිසිවක් නැත. අලුත් මෝස්තර ඇදීම සිදු කලා යැයි කියන්නේ නම් එය තරුණයින්ගේ දෙයක් නොව එය හුදෙක් වෙළදපල විසින් තරුණයාව මුදල් වලට ගැනීම හැර අන් කවරේද?

ආදරය සම්පූර්ණයෙන්ම වෙළදපලකරනය වී ඇත. එහි ආදාරය හැර අන් සියල්ල තිබේ. ඒවාට අදාලව බඩු විකුණන ෂෙ‍ාප් ගණනක් තිබේ. ලවර්ස් සිට එම් සී දක්වාම මේය ඇත. මාධ්‍ය විසින් නටවන හොදම රූකඩය ලාංකීය තාරුණ්‍යයි.

කරැණයාට නිසගයෙන් එම වයසට එනවිට පහල වන නව්‍යතාවය හා ශක්තිය ඔහු විසින් කිසිසේත් පාවිච්චි කරන්නේ නැත. ඒ වයසේදී ඔහු එක්කෝ විශ්වවිද්‍යාලයක කොටු වී සිටිති. නැත්නම් වෙනත් ආයතනයක කෝසස් වලට කොටු වී සිටිති. එහෙමත් නැත්නම් ආමි එකේ හෝ ගාමන්ට් එකකට වී සිටිති.

ඔවුන් කිසි දිනෙක ජීවිතය විද ඇත්දැයි සිතාගත නොහැකිය. වින්දනයේදී ඉතා සෘජු ලිංගිකත්වය, සිගරට් , මල් සහ අරක්කු වලට යොමුව සිටිති. මේ සියල්ල මා බැහර කරන්නේ නැත. නමුත් ඒ තුල යෙූවනත්වය ඉස්මතු වන්නට අදාලව කිසිදු නිර්මානශීලීත්වයක් මතු වන්නේ නැත.

සුපුරැදු පරිදි ක්රීඩා සමාජ හා යොවුන් සමාජ වලින්කරන්නේ ටූනමන්ට්ස් ඕගනයිස් කිරීම අවුරැදු උත්සව පැවැත්වීම හා පිරිත් කීමයි. අනෙක් කොටස වන්නේ තීවීල් වල හිරවූ තාරුණ්‍යයි.

පිරිසක් රට හැර ගොස් යූකේ. හෝ කැනඩා හෝ ඔස්ටේලියා වී සිටිති. ඊය පහල පිරිස කොරියා ඉතාලි වී සිටිති. ඊටත් පහල කොටස මිඩ්ල් ඊස්ට් වී සිටිති. මෙහි පැමිනෙණ විට තාරැණ්‍යය දියවී හමාරය. එහිදී සිදු ව අත්තේ තොටු වී ජීවත්වීමටය .

මෙසේ නොවන තරැණ ජීවිතය කුමක්ද???? මෙහිදී සියල්ල විවේචනයකට හසු කර ඇත. මෙසේ නොවන තරැණ ජීවිතයක් ඇත්නම් එය කෙසේ විය හැකිද?? මම ද 90 දශකයෙන් පසු තරුණයෙක්මි..

No comments:

Post a Comment