Sunday, November 28, 2021

පීඩනය දේශපාලනයෙන් පිට කිරීම

 පීඩනය යනු බොර වතුර නම් පීඩනය තුළ ඇති සම්පත් අපට පේනේනෙ නැත. එය දේශපාලනයට හැරවූ විට දේශපාලකයා එය ආදායම් මාර්ගයක් බවට පත් කරගනී. ඒ නිසා පීඩනය අභ්‍යන්තරයට පිට කරන්න. එවිට අභ්‍යන්තරය පිච්චී දියවී විසඳුම් එනු ඇත. 

Thursday, August 30, 2018

සිතුවිලි

නිදහස ‌‌කොතරම් තිබේද?
සිතන්න...

Saturday, August 17, 2013

අසංවිධිත දවස්

එලඹෙන දිනයක් සැලසුම් කරගත යුතුද? මින් අදහස් කරන්නේ කළමනාකරණ සැලසුමක් නොවේ. පිලිතුර සිතා බලන්න. මිනිසා අනාගතය වෙනුවෙන් වැඩ කරන්න පටන්ගෙන දැන් බොහෝ කල්ය. අනාගතය වෙනුවෙන් වැඩ කරනවා යනු සැලසුම්කරනය අත්‍යවශ්‍ය බවයි. සැලසුම්කරනය අවශ්යන වීමට හේතු මොනවාද?

සැලසුම්කරනය යනු වර්තමාන ලොව තුල ඇත්ත වශයෙන්ම අරගලයකි. දිනයක් ලැබුනු පසු ඒ දිනය වෙනුවෙන් කෙල හලා බලා සිටින්නන් තොගයකි. මින් වඩාත්ම වැඩි ඉඩක් ලබාගන්නේ භාණ්ඩ විකිනීම හා මතවාද විකිනීම වෙනුවෙන් අපගේ දිනයෙන් වැඩි කොටසක් සොරාගන්නා මාධ්‍යයි. (ඔවුන් කිසි විටෙකත් දැන් නම් ජන මාධ්‍ය නොවේ) ඔවුන් ෆිල්ම් එකක් මැදට දමා එන්ටර්ටේන්මන්ට් කියා වෙළද දැන්වීම් බැලීම සදහා අපේ කාලය සොරා ගනිති. මේ සොරාගැනීම තුල ඇත්ත වශයෙන්ම සිදු වන්නේ සැලසුම් සිය ගණනකට අප හසු වීමයි. මොනවද මේ සැලසුම්...

දේශපාලඥයෙකුගේ කතාවක් යනු ඔහුගේ සැලසුමට අපව බිලිබා ගැනීමට කරන දැල එලීමකි. ඉන් අපගේ කැමැත්ත හෝ අකමැත්ත ඔහුට හෝ බල ධාරාවට අනුව සකස් කරගන්නට අපගේ කාලය සොරා ගනිති. ඉන් පසුව අපගේ බලය (කාලය/ ඡන්දය/මතවාදය/ආකල්ප) ඔවුන්ගේ බොරු මත සකස් කිරීමට උත්සාහ කරති.

මෙගා ටෙලි නාට්‍යයකදී සිදු වන්නේ වඩාත් අඩුම වියදමකින් එපිසෝඩ් එකක් කරගැනීම වෙනුවෙන් සකස් කරන ලද සමාජ කුණුකන්දල් අප හට කැවීමකි. මෙම භාණ්ඩය ලක්ෂ ගණනක් දෙනා පරිහරනය කරති. පරිහරනය කරනවා යනු අපගේ කාලය ඔවුන් වෙත ඇදගැනීමකි. ඉන් කිහිපදෙනෙක් සුඛිත මුදිත වෙති. ඒ අපගේ කාලය සොරාගැනීම වෙනුවෙනි. නාට්‍යයක තුල ඇති මජරකම/ දුක/ ලිංගිකත්වය/ කෙල්ලන්ගේ ඇඟවල් ලාබෙට පෙන්වා ඉතා කිහිප දෙනෙකුගේ ලාභය තරකර ගනිති. ඒ කාලය අප ගෙවා දමන්නේ අපගේ සැලසුමකට අනුව නොවේ.

වෙළද දැන්වීමක පසුපස ඇත්තේ ඉතා සංකිර්ණ අලෙවිකරණ සැලසුමකි. අපගේ ශ්‍රමය භාවිතා කරමින් අත් කරගනු ලබන මුල්‍ය ඔවුන් වෙත ඇදගැනීම සදහා වන සමස්ත උත්සාහය ඔවුන් විසින් දරනු ලැබේ. බස් දුවන්නේ යම් කාලසටහනකට අනුවය. අප නගින්නේ එම බස් වලට නිසා අප ඒ අනුව කටයුතු කල යුතු වේ. මේ ආකාරයට අප දිනපතා මුහුණ දෙන සිදුවීම් වලින් අති බහුතරයක් ඉතා සැලසුම්ගත කාර්යයන් වේ.

එම ඉතා සැලසුම්සහගත ලෝකය තුල හැම විටම උත්සාහ කරන්නේ ඒ ඒ සැලසුම් වලට අනුව ප්රාාණින්ගේ කාලය/ අවකාශය/ මුදල්/ සතුට/ අනාගතය සොරාගැනීමයි.

මේ සදහා අපගේ සූදානම කුමක්ද? නැවත මේ ප්‍රශ්නය ඇසිය හැකිය... අප වටා සැරිසරන සෑම අවස්ථාවක්ම/ පුද්ගලයෙක්ම/ ආයතනයක්ම හැම විටම අපගේ දේවල් අත්කරගැනීම සදහා සුක්ෂම සැලසුම්කරනයක/ ක්‍රියාත්මක වීමක සිටී. අප කරන්නේ කුමක්ද?

අතීත තත්වය ගෙන බලමු. මෝසම් වැසි හෝ සංවහන මගින් ගොවිතැන් කරන කාලය තුල මෙම තත්වය අවමය. නමුත් වැසි වට පසු හෝ ඊට පෙර සූදානම්වීම සිදු විය යුතු වේ. මෙම සූදානම්වීම සරලය. ඒ කාලයේ මිනිසාගේ අනෙක් පස වූයේ ග්‍රාමීය බල ව්‍යුහයන්/ සතුන්/ ස්වභාවික විපත් ආදී දේවල් කිහිපයක් පමනි. මේ වන විට ගොවියාගේ එම තත්වය ද වෙනස් වී ඇත. ඔවුන් සමාගම් වල රසායනික හා බීජ වලට හුරුව සිටිති. හාන්නේ මැෂින් වලිනි. එම නිසා අල්පේච්ඡ යැයි කියමින් ඒ ජීවිතය තුල ජීවත්වීමට හෝ මෙම තරගකාරිත්වය මගහැරීමට ඔවුන්ට නොහැකිව ඇත. ඒ නොහැකියාව එසේ නම් නාගරික හා අර්ධ නාගරික නොහැකියාව කෙසේ වන්නේද? මේ ගැන සවිඥානිකව සිතා ඇත්ද?

සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙළදපල බලාපොරොත්තු වන්නේ කුමක්ද? සියල්ලය... සියල්ල යන්නෙන් අදහස් වන්නේ මිනිසාගේ සමස්ත ජීවිතයේ ඇති සමස්ත කොටස් විකිනීම/ සූරාකෑම/ පරිහරනය කිරීම ට වෙළදපල හැම විටම උත්සාහ කරයි. ධනේෂ්වර වෙළදපල තුල මිනිසාගේ සූරාකෑම සිදු වූයේ ශ්‍රම සූරාකෑම මූලික කරගනිමිනි.

නමුත් මේ වන විට ඇති වෙළදපල විසින් මිනිසාගේ සෑම තත්පර බාගයක් කෙරෙහිම ඇස ගසා සිටිති. විශේෂයෙන් මිනිසුන්ගේ සිතුවිලි/ හැගීම් සදහා ඉතා වැඩි උනන්දුවක් දක්වති. අවකාශය හා කාලය සොරාගැනීම සදහා ලක්ෂ සංඛ්‍යාත වෙළද ව්‍යාපාරිකයින් බලා සිටිති. එවැනි තත්වයකදී මා හැසිරිය යුත්තේ කෙසේද යන්න මතුවන විට අපට ලැබෙන සෑම දවසකින් විනාඩි ගණනක් හෝ අපගේ කරගැනීම සදහා වන සැලසුමකට අප අනිවාර්යයෙන් යටත් විය යුතු වේ.

මෙතෙක් අප කතා කරන ලද්දේ බාහිර තත්වයන් ගැනය. ලංකාවේ මිනිසුන් ස්වභාවයෙන් ඇති කම්මැලිකමකින් පීඩා විදී. එසේම ඕපදූපකරනය හා කාළකන්නිභාවය යන රෝග වලින් ද පීඩා විදී. එසේම හීනමානය හා සංස්කෘතික හැසිරීම් තුලදී වන ඊනියා ආරක්ෂා කරගැනීම් නැමති ව්‍යාධි වලින් ද පෙලේ. මේවා අපේ ශරීර හා ආත්මයන් බර වැඩි කර පියවරක් තැබීම ට මහා වෙහෙසක් දැරීමට සිදුවන අවස්ථාවන් නිර්මානය කර තිබේ.

අපි නොදන්නා තරමින් කාලය ඇදී යයි. කාලය ඇදී යන්නේ අප හරහා කිසිවක් සිදු නොවී නම් එය කාළකන්නි කාලය ඇදී යාමකි. කාලය සමග අපේ බොහෝ දේවල් ද ඇදී යයි. අප කාලය මනින්නේ දින වලින් නම් අප හට වන මගහැරීම් බොහොමයකි. වරු / පැය/ විනාඩි.... අප විසින් කාලය මනින මිම්ම තෝරාගත යුතු වේ. ඒ තුල වැඩ කල යුතු වේ.

අප වෙත ලැබෙන දිනයන් අප සැලසුම් කල යුතු වේ. විශේෂයෙන්ම නිවාඩු දිනයක් ලද විට අවම තරමින් නිහඩතාවයේ හෝ කැමති පරිදි හැසිරීම සදහා පැය කිහිපයක් වෙන් කරගැනීමටවත් අප හට හැකි විය යුතු වේ. මෙම හැකියාව අප යම් අරගලයක් කරමින් ලබාගත යුතු වේ. ඒ සදහා වන ප්‍රබල යමක් අප ළග තිබිය යුතු වේ. එහි ප්‍රබලත්වය මත අනෙක් දේවල් යම් දුරකට පාලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සදහා සැලසුමක් අවශ්‍ය වේ.

Saturday, November 10, 2012

අඳ සොඳුරු ඉරිදාවකි
මද සුළං හමන
ඉර දිලිසෙන
ලෙහෙනුන් කැ ගසන

සිහින් පියානෝ නදකි..

එහි ඇත අතීතය
දිගුවක් සමග වර්තමානයට
නිහඩව ඇත සියල්ල
නිල්වන් සයුර මෙන්

ගොඩබිමට ලංව
කිරි සිනා නඟන
රළෙහි උපත
ගැඹුරු මුහුදේ ඇත...

සිනාසෙමි
කිසිවක් නොදකිමි...

Friday, March 19, 2010

වඩාත්ම ඵලදායීව වැඩ කල හැකි වාතාවරනයක් ලබා ගැනීම

ඵලදායීයව වැඩ කිරීම සදහා වැඩ කිරීම සදහා වන මූලික එකගතාවයන් කිහිපයක් සපුරා ගන්න වෙනවා. ඉන් වඩාත් වැදගත්ම එකක් තමයි මානසික ලිහිල් බව . මානසික ලිහිල් බව කියන්නෙ වැඩ සදහා වැඩි අවධානයක් යොමු කල හැකි තත්වයක්. වෙහෙස නොදැනී වැඩ කරන්නට ඉන් අවකාශ ලැබෙනවා.

මෙම මානසිකත්වයේ අවස්ථාවන් ගණනක් තියෙනවා.. එක එක අවස්ථාවන්හි අපට කල හැකි කාර්යයන්හි සීමාව විවිධයි. ලංකාවේ බොහෝ විට වැඩ කරන අය ඉන්නේ පහත් අවස්ථාවක.. එවැනි අවස්ථාවන් වල නීරස ඒකාකාරී වැඩ රටාවකට හසු වෙනවා. මෙම අවස්ථාවන් වල උඩ කලාපයන් වලදී නිර්මානශීලී දේවල් කරන්න පුලුවන්

Monday, April 27, 2009

ලංකාවේ වකුගඩු රෝගය

සාමාන්‍යයෙන් 2003 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ සෞඛ්‍ය ගැටලුවක් ලෙස වකුගඩු රෝගය පවතී. මා උත්සාහ කරන්නේ ඒ ගැන වාර්තාවක් ලිවීමට නොවේ.

රජරට ගොවීන් මරණය දකිමින් සිටිති. හේතු 7ක් ඉදිරිපත් කලද රෝගය සදහා නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. මෙය පරීක්ෂා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිදානයෙන්ද පිරිසක් පැමින ගියහ.

නමුත් රෝගය ඇත. මූලිකවම රෝගය ඇති වන්නේ ජලය නිසා බව පැහැදිලි වී ඇත. නමුත් කිසිදු සංවිදානයක් හෝ ආණුඩුව පිරිසිදු ජලය ගැන නොසිතති. ඒ වෙනුවට අනුරාධපුරයේ නුවර සහ කොළඹ වකුගඩු මධ්‍යස්තාන සකස් කර බෙහෙත් දෙන්නට ලෑස්ති වෙති.

බහුතරයක් දුප්පත් ගොවීන් මේ උවදුරට ගොදුරැ වෙති. මෙහි ඉතා ඛේදජනක තත්වයක් ඇත. එනම් රෝගය වැළදී උත්සන්න වූ විට රෝගියා තමා නිසැකයෙන්ම මිය යන බව දැනැගැනීමයි.

මේ දුප්පතුන් මෙයට පිලියමක් සොයාගෙන තිබේ. එනම් රෝග පරීක්ෂාව නොකරගැනීමයි. මෙය ද රජයේම වාගේ රාජ්‍ය නොවන සංවිධාන වල වගේ පිලිතුරකි.

නිකං මැරී ගියාට කමක් නැත. මෙය දැනැගැනීම කරදර යැයි ඔවුහ් සිතති. ලංක‍ාවට බත සපයන උන්ගේ ජීවිත ගැන ඔවුන් හා රජය හිතන ආකාරයෙහි සැබෑව මෙයයි.

එක් රෝගියෙක් පකාශ කර සිටියේ තමා මාස කිහිපයකින් මිය යන නිසා මිය යන තෙක් මේ ගැන සමාජයට කියාසිටින්නට තමන් එකග වන බවය. නමුත් අප හට මෙය සංවිදානය ිරීමේ කාලයක් නොවීය.

ගැටළුව එසේම ඇත. ඉතා සංක්ෂිප්තව හා තැන් තැන් වලින් අහුලා හෝ මේ ගැන ලියා සිටියේ උනන්දුව ඇති අයට මැදිහත් විය හැකි වාතාවරනයක් සකස් කිරීම වෙනුවෙනි.