සාමාන්‍යයෙන් 2003 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ සෞඛ්‍ය ගැටලුවක් ලෙස වකුගඩු රෝගය පවතී. මා උත්සාහ කරන්නේ ඒ ගැන වාර්තාවක් ලිවීමට නොවේ.
රජරට ගොවීන් මරණය දකිමින් සිටිති. හේතු 7ක් ඉදිරිපත් කලද රෝගය සදහා නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. මෙය පරීක්ෂා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිදානයෙන්ද පිරිසක් පැමින ගියහ.
නමුත් රෝගය ඇත. මූලිකවම රෝගය ඇති වන්නේ ජලය නිසා බව පැහැදිලි වී ඇත. නමුත් කිසිදු සංවිදානයක් හෝ ආණුඩුව පිරිසිදු ජලය ගැන නොසිතති. ඒ වෙනුවට අනුරාධපුරයේ නුවර සහ කොළඹ වකුගඩු මධ්‍යස්තාන සකස් කර බෙහෙත් දෙන්නට ලෑස්ති වෙති.
බහුතරයක් දුප්පත් ගොවීන් මේ උවදුරට ගොදුරැ වෙති. මෙහි ඉතා ඛේදජනක තත්වයක් ඇත. එනම් රෝගය වැළදී උත්සන්න වූ විට රෝගියා තමා නිසැකයෙන්ම මිය යන බව දැනැගැනීමයි.
මේ දුප්පතුන් මෙයට පිලියමක් සොයාගෙන තිබේ. එනම් රෝග පරීක්ෂාව නොකරගැනීමයි. මෙය ද රජයේම වාගේ රාජ්‍ය නොවන සංවිධාන වල වගේ පිලිතුරකි.
නිකං මැරී ගියාට කමක් නැත. මෙය දැනැගැනීම කරදර යැයි ඔවුහ් සිතති. ලංකාවට බත සපයන උන්ගේ ජීවිත ගැන ඔවුන් හා රජය හිතන ආකාරයෙහි සැබෑව මෙයයි.
එක් රෝගියෙක් පකාශ කර සිටියේ තමා මාස කිහිපයකින් මිය යන නිසා මිය යන තෙක් මේ ගැන සමාජයට කියාසිටින්නට තමන් එකග වන බවය. නමුත් අප හට මෙය සංවිදානය ිරීමේ කාලයක් නොවීය.
ගැටළුව එසේම ඇත. ඉතා සංක්ෂිප්තව හා තැන් තැන් වලින් අහුලා හෝ මේ ගැන ලියා සිටියේ උනන්දුව ඇති අයට මැදිහත් විය හැකි වාතාවරනයක් සකස් කිරීම වෙනුවෙනි.