Monday, April 27, 2009

ලංකාවේ වකුගඩු රෝගය

සාමාන්‍යයෙන් 2003 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ සෞඛ්‍ය ගැටලුවක් ලෙස වකුගඩු රෝගය පවතී. මා උත්සාහ කරන්නේ ඒ ගැන වාර්තාවක් ලිවීමට නොවේ.

රජරට ගොවීන් මරණය දකිමින් සිටිති. හේතු 7ක් ඉදිරිපත් කලද රෝගය සදහා නිශ්චිත හේතුවක් සොයාගෙන නැත. මෙය පරීක්ෂා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිදානයෙන්ද පිරිසක් පැමින ගියහ.

නමුත් රෝගය ඇත. මූලිකවම රෝගය ඇති වන්නේ ජලය නිසා බව පැහැදිලි වී ඇත. නමුත් කිසිදු සංවිදානයක් හෝ ආණුඩුව පිරිසිදු ජලය ගැන නොසිතති. ඒ වෙනුවට අනුරාධපුරයේ නුවර සහ කොළඹ වකුගඩු මධ්‍යස්තාන සකස් කර බෙහෙත් දෙන්නට ලෑස්ති වෙති.

බහුතරයක් දුප්පත් ගොවීන් මේ උවදුරට ගොදුරැ වෙති. මෙහි ඉතා ඛේදජනක තත්වයක් ඇත. එනම් රෝගය වැළදී උත්සන්න වූ විට රෝගියා තමා නිසැකයෙන්ම මිය යන බව දැනැගැනීමයි.

මේ දුප්පතුන් මෙයට පිලියමක් සොයාගෙන තිබේ. එනම් රෝග පරීක්ෂාව නොකරගැනීමයි. මෙය ද රජයේම වාගේ රාජ්‍ය නොවන සංවිධාන වල වගේ පිලිතුරකි.

නිකං මැරී ගියාට කමක් නැත. මෙය දැනැගැනීම කරදර යැයි ඔවුහ් සිතති. ලංක‍ාවට බත සපයන උන්ගේ ජීවිත ගැන ඔවුන් හා රජය හිතන ආකාරයෙහි සැබෑව මෙයයි.

එක් රෝගියෙක් පකාශ කර සිටියේ තමා මාස කිහිපයකින් මිය යන නිසා මිය යන තෙක් මේ ගැන සමාජයට කියාසිටින්නට තමන් එකග වන බවය. නමුත් අප හට මෙය සංවිදානය ිරීමේ කාලයක් නොවීය.

ගැටළුව එසේම ඇත. ඉතා සංක්ෂිප්තව හා තැන් තැන් වලින් අහුලා හෝ මේ ගැන ලියා සිටියේ උනන්දුව ඇති අයට මැදිහත් විය හැකි වාතාවරනයක් සකස් කිරීම වෙනුවෙනි.

ඝර්ම කලාපයේ මිනිසුන් අතිශය සංකීර්ණ ද?


‍දියුණු වන රටවල මිනිසුන් ගත්විට ඔවුන් තේරැම් ගැනීම යම් තරමින් සාපේක්ෂව පහසුය. ලංකාව වැනි රටවල මිනිසුන් වරින් වර සිය වේශයන් වෙනස් කරති. පසුව මට හිතුනු එක් දෙයක් නම් ලංකාව වැනි සමක කලාපයේ ඇති ජෛව විවිධත්වය ‍හා සමානව මිනිසුන්ගේ විවිධත්වයක් ද ඇති බවය. සෙූම්‍ය කලාපයේ හා නිවර්තන දෙකෙන් ඉහල මෙලෙස විවිධත්වයක් නැත.

දේශගුණික හා පොලවො තුල විවිධත්වය කෙසේ මිනිසුන්ගේ සංකීර්ණතාවයට බලපාන ආකාරය ගැන අධයයනයක් කිරීමට ආසාවක් හැදී තිබේ. නමුත් මේ සදහා මා හට වේලාවක් නැත. මෙය සංකල්පයක් වශයෙන් කෙසේද යන්න ගැන සිතිය යුතුද?

හයිලෙවෙල් පාර කොහුවලින් බැහගන්න


නුගේගොඩ පාරවල් සකස් කිරීමේ ඇත්තටම මගීන්ට තදබල අසාධාරණයක් සිදුව තිබේ. මේගැන ලියා සතියකින්පසුව අප එයට පුරැදු වනු ඇති බවට පොලීසිය හිතනවා ඇත. එය එසේමත් තමයි… නමුත් නුගේගොඩ ඔය අලුත් පාලම නිසා වැඩිපුරම මගී ජනතාව පීඩාවට පත්වන බව මගේ අත්දැකීමයි..කොහුවල පැත්තට තියෙන බස්ටෑන්ඩ් එක තවත් දුරට ගෙනිහිල්ලා.. කොලඹ පැත්තට යන බස්ටෑන්ඩ් එකඅනුල එක ළගට ගෙනිහිල්ලා.. දැන් වැටකුත් දානවා ඒවා ආවරණය කරලා..

පාරවල් හදන්නේ මිනිසුන්ට පහසුවට නොවන බව හොදින්ම ඔප්පු වෙනව මේ කාරනෙන්. මෙයින් වාහන වල යන අය නම් ගැයළුවක් නැතිව යාවි. නමුත් පයින් යන අයට තියෙන විකල්පය මොකක්ද මේ තරම් දර පයින් යන්න.

කවුරු හරි කියාවි පයින් යන එක ව්‍යායාමයක් කියලා. ඒවා හොද උත්තර නොවෙයි. මේක මම ගියන්නේම මට විතරක් තියෙන ගැටලුවක් ද කියල දැනගන්නයි…

හන්දිය අවට වර්ග කිලෝමීටරයකට වඩා වැඩි ප්රමානයක් මිනිසුන් නිරන්තරයෙන් පයින් යා යුතු තැන් බවට පත්වෙනවා.. පෙර තිබුන් විදියට කලර් ලයිට් ළගම ඉඩ අරගෙන බස්ටෑන්ඩ් සකස් කලා නම් හරි.. එහෙම කරන්න තරම් කොන්දක් නැති විට මේහෙම කරනවද කියල දන්නෙත් නැහ..මේක මේ තරම් ලියන්නේ මට නම් මේකෙ ගැටළුවක් තියෙන නිසා..

මගීන් ගැන ටිකක්වත් ම හිතන්නේ නැත්නම් මොකටද මෙහෙම ඔලු…

ජනතාව කියන්නේ මොකක්ද


ජනතාව කියන්නේ මොකක්ද? මේක කොයි කාලයේ නිර්මානය වූ දෙයක්ද? ජනතාවට කේටර් කරන සංවිධාන ව්‍යුහ හා පදනම් ගනනාවක් නිර්මානය වී තිබේ. රජය, මාධ්‍ය, නීතිය, වෙළදපල යන මහා පරිමාණ ආයතන සියල්ල ජනතාව නිසා හෝ ජනතාව උදෙසා යැයි කියමින් බොහෝ දේ කරති. නමුත් මේ ජනතාව සිටින්නේ කොහිද? ලංකාව තුල ජනතාව විසින් සිදු කර ඇත්තේ කුමක්ද?

ජනතා ආධිපත්‍යය හා ජනතාවාදී තත්ව ගැන බොහෝ දේ ලියවී ඇත. ආණ්ඩු මාරැ කරන්නෙත් පවත්වාගෙන යන්නෙත් ජනතාව විසින් යැයි කියති. නමුත් බොහෝ ගැටළු ඇත්තේ ද මිනිසුන්ට නිසා මේ සාමාන්‍ය මා වගේ අයට ජනතාව අයිතිද?

නැත්නම් ජනතාව කියන්නේ ඒ මාද්‍ය, දේශපාලනය, මහ පරිමාන වෙළදපල විසින් නිර්මානය කරන ලද සංකල්පයක්ද? මෙම සංකල්පයේ මූලයන් ඇත්තේ කොහිද? මේ මූලයන් සෙවීම කරන්නේ කවුද? එහෙම කරන්න ඕනද???

ලංකාවේ තරුණයෙක් සිටීද?


ලංකාවේ තරැණයා 100%ක්ම වෙළදපල බාණ්ඩයක් බවට පත්ව ඇත. කිසිදාක තරුණ විදියට නොසිතන හැමදා ලපටි සිත්වලින් පසුවන්නකි ලංකාවේ තරැණයා. තරැණයින් යනු ඊ ළග පරම්පරාව ගොඩනගන්නන්ය. ලංකාවේ නිදහසින් පසු තරුණ පරම්පර කිහිපයක් බිහිව ඇත. තරැණ පරම්පරාවක වයස සාමාන්‍යයෙන් වසර 20ක් යැයි සැලකීමේදී කවුරැන් හෝ විසින් ලංකාවට අදාල ඊ ළග පරම්පරාවේ නව්‍යතාවය බිහිකර ඇත්ද යන්න සොයා බැලිය යුතු වේ.

එයට අදාල සාදනීය නිෂේධනීය උත්සාහයන් ගෙන ඇති බව පැහැදිලිය. නමුත් 90 දශකයෙන් පසු තරුණයා යනු නිකමෙකි. ඔහු සාකල්‍යයෙන්ම වෙළදපල විසින් ගොඩනගන ලද සීනිබෝල බබෙකි. ජීවිතය ගැන අදහසක් නැති රූකඩයෙකි. ඔවුන් කිසියවක් තම පරම්පරාව අලුත් කිරීමට කිසිවක් කරන ලද්දේ නැත. කලා නම් සිදු කරන ලද එකම දෙය වන්නේ බටහිර යුරෝපයෙන් හා ඇමරිකාවෙන් ආනයනය කරන ලද මෘදුකාංග හා දෘඩාංග භාවිතා කරන ලද එක පමනි.

පැරනි පරම්පරාව සමග හැප්පීමට ඔවුන් විසින් මේ රට තුල නිර්මානය කලේ කුමක්ද? කිසිවක් නැත. අලුත් මෝස්තර ඇදීම සිදු කලා යැයි කියන්නේ නම් එය තරුණයින්ගේ දෙයක් නොව එය හුදෙක් වෙළදපල විසින් තරුණයාව මුදල් වලට ගැනීම හැර අන් කවරේද?

ආදරය සම්පූර්ණයෙන්ම වෙළදපලකරනය වී ඇත. එහි ආදාරය හැර අන් සියල්ල තිබේ. ඒවාට අදාලව බඩු විකුණන ෂෙ‍ාප් ගණනක් තිබේ. ලවර්ස් සිට එම් සී දක්වාම මේය ඇත. මාධ්‍ය විසින් නටවන හොදම රූකඩය ලාංකීය තාරුණ්‍යයි.

කරැණයාට නිසගයෙන් එම වයසට එනවිට පහල වන නව්‍යතාවය හා ශක්තිය ඔහු විසින් කිසිසේත් පාවිච්චි කරන්නේ නැත. ඒ වයසේදී ඔහු එක්කෝ විශ්වවිද්‍යාලයක කොටු වී සිටිති. නැත්නම් වෙනත් ආයතනයක කෝසස් වලට කොටු වී සිටිති. එහෙමත් නැත්නම් ආමි එකේ හෝ ගාමන්ට් එකකට වී සිටිති.

ඔවුන් කිසි දිනෙක ජීවිතය විද ඇත්දැයි සිතාගත නොහැකිය. වින්දනයේදී ඉතා සෘජු ලිංගිකත්වය, සිගරට් , මල් සහ අරක්කු වලට යොමුව සිටිති. මේ සියල්ල මා බැහර කරන්නේ නැත. නමුත් ඒ තුල යෙූවනත්වය ඉස්මතු වන්නට අදාලව කිසිදු නිර්මානශීලීත්වයක් මතු වන්නේ නැත.

සුපුරැදු පරිදි ක්රීඩා සමාජ හා යොවුන් සමාජ වලින්කරන්නේ ටූනමන්ට්ස් ඕගනයිස් කිරීම අවුරැදු උත්සව පැවැත්වීම හා පිරිත් කීමයි. අනෙක් කොටස වන්නේ තීවීල් වල හිරවූ තාරුණ්‍යයි.

පිරිසක් රට හැර ගොස් යූකේ. හෝ කැනඩා හෝ ඔස්ටේලියා වී සිටිති. ඊය පහල පිරිස කොරියා ඉතාලි වී සිටිති. ඊටත් පහල කොටස මිඩ්ල් ඊස්ට් වී සිටිති. මෙහි පැමිනෙණ විට තාරැණ්‍යය දියවී හමාරය. එහිදී සිදු ව අත්තේ තොටු වී ජීවත්වීමටය .

මෙසේ නොවන තරැණ ජීවිතය කුමක්ද???? මෙහිදී සියල්ල විවේචනයකට හසු කර ඇත. මෙසේ නොවන තරැණ ජීවිතයක් ඇත්නම් එය කෙසේ විය හැකිද?? මම ද 90 දශකයෙන් පසු තරුණයෙක්මි..

”වෙනස” යන්න වත්මන් මැතිවරණ වලින් සම්පූර්ණයෙන්ම අහෝසිව ඇත.


මැතිවරණයකින් මිනිසුන් බලාපොරොත්තු වන දේවල් කිහිපයක් ද විය. ඉන් එකක් වන්නේ මැතිවරණයෙන් පසු පැමිනෙණ පිරිස විසින් යම් ”වෙනස්කමක් සිදු කරාවි” යන අදහසයි. ලංකාවේ මැතිවරණ වලින් මේ තත්වය සම්පූර්ණයෙන්ම අහෝසිව ගොස් ඇත. කවුරුන් නමුත් පැමිණ කරන්නේ එකම දෙයක් බව පැහැදිලි වී ඇත. අතීතයේදී මිනිසුන් පක්ෂ වශයෙන් හා මිනිසුන් වශයෙන් වෙන් වෙන්ව වෙනස්කම් බලාපොරොත්තු විය.


මෑත කාලයේ යම් වෙනසක් සිදු කලා නම් ඒ යුද්ධය සම්බන්ධායන් මහින්ද රාජපක්ෂ පමණි. ඒ හැර අනෙක් සියළු පක්ෂ හා පුද්ගලයින් හට වෙනස්කම් සදහා වන කිසිදු දෙයක් තිබුනේ නැත. මහින්දට ද යුද්ධය දිනීමක් බවට පත් ව තිබුනේ අන් කිසිවක් නිසා නොව කිසිවක් කර කියාගත නොහැකි වූ නිසාය. එහි අවසානය මේ වන විට ළගා කරගෙන ඇත.


ඒ හැර අනි කිසිවෙක් කිසිවක් වෙනස්කම යන මාතෘකාව ඔස්සේ සිදු කර නොමැත. ජ.වි.පෙ. පසුගිය කාලසීමාවේ කාගේත් ”වෙනස්කමේ ප්රතිමූර්තිය”ව සිටියේය. නමුත් සාමානය මධයම පන්තිය හා රාජය හා වෙළදපල ව්‍යුහය විසින් සිදු කරන ලද වෙනස්කම් නිසා ජවිපේ පැරනි ගොඩට ලෙහෙසියෙව්ම ඇද වැටුණි.


මේ තත්වයට හේතුව කුමක්ද? මේ සදහා තනි හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකිය. හේතු ගණනාවක් මත ගොඩනැගුණු ”දේශපාලනික” යැයි කියා ගන්නා ලංකාවේ ව්‍යුහය තුල කිසිදු හරයක් නොතතිබීම මෙයට එක් හේතුවකි.

හදුනාගත නොහැකි සාම්‍යයක් සියල්ලන් තුල මතුව ඇත. දැන් මහා අරගලයක් අවශ්‍යව ඇත. ඒ තමන් කවුදැයි අනුන්ට කීම සදහාය. වවුලන් මෙන් පැන පැන සිටි පිරිස් දැන් පනින්නේන ැතිව දෙපැත්තේම සිටිති.

අතිවිශාල ලෝකයේ අපි වල්මත් වෙලාද

එක්කෝ අපිට ලෝකය දිහා කුඩාවට බලන්න පුලුවන්, පවුල, පෙම්වතුන් හරහා. එහෙම නැත්නම් ලෝකය දිහා ලොකුවට බලන්න පුලුවන් . විවිධ විෂයයන් හරහා.. මේ දෙකෙන්ම බලන සමහර විට පෙනෙන දෙය තමයි අපි මිනිසුන්ට කොච්චර අහු වෙනවද කියන එක. අපිට මිනිසුන්ව තේරුම් ගන්න පුලුවන්ද කියන එක.

නමුත් අනිත් පැත්තට සාදාරණ තර්කයක් තියෙනවා.. අනෙක් හැම දෙනෙක්ම මිනිසුන් නවලා අපිත් මිනිසුන් වෙනකොට එහෙම වෙන්නෙ කොහොමද කියලා..